කෘෂිකර්ම පීඨ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ධර්ම දේශනාව 2020-02-17 දින විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය සගම අනෝමදස්සී හිමියන්ගේ වැඩමවීමෙන් කෘෂිකර්ම පීඨ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විනි.
කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමයේ මහා සභා රැස්වීම 2020 ජනවාරි මස 7 දින කෘෂිකර්ම පීඨ සත්ව විද්‍යා දෙපාර්තමේන්තු ගොඩනැගිලි පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විනි. මෙහිදී 2020 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීමත් ඉදිරි වර්ෂය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීමත් සිදුවිය.
නොවැම්බර් මස 3 වෙනිදා කෘෂිකර්ම පීඨයේ බෞද්ධ සහෝදර සංගමයට තවත් එක් විශේෂ දිනයක් විය.
එදින අපි තෑගි බෝග රැගෙන අම්මලා, තාත්තලා පිරිසක් බලන්න කලුගමුවට ගියා. එදින දවස පුරා විවිධ පිංකම් රැසක් සිදු කිරීමට අපිට පුලුවන් උනා. එදින සවස ඒ අම්මලා, තාත්තලා සමඟ සංගීත වැඩසටහනක් සිදු කිරීමට හැකි විය. මෙහිදී කෘෂි පීඨයේ 14, 15 සහ 16 යන වසර කණ්ඩායම් වලින් අගනා සහයක් ලැබුනි.
එදා මෙදා තුර දෙස් විදෙස් රසකාමීන්ගේ සිත් සතන් පහන් සිතිවිල්ලෙන් දල්වාලූ ඇසල පෙරහැර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී දළදා මාලිගාවත් මහනුවර නගරයත් මූලික කොට ගනිමින් වීදි සංචාරය කරද්දී පේරාදෙණිය විශ්ව විද්‍යාලීය කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමය පිළිවෙතින් පෙලගැසුන උදාර කර්තව්‍යයකට පසුගිය නිකිණි පුර පසලොස්වක පොහෝ දින අවසන් රන්දෝලිය වීදි සංචාරයට සමගාමීව දායක විය .සෑම වසරකම පාහේ අවසන් රන්දෝලි පෙරහැර ගමන් කර නිමාවීමත් සමඟ අපවිත්‍ර වන මං මාවත් නිකසලව පැවතීම පිණිස ජනයා අතරට ගිය ඔවුන් කසල බැහැර කිරීම හා කලමනාකාරණය ක්‍රමවත් කිරීම සඳහා සක්‍රීයව දායක විය. පෙරහැර ආරම්භයට පෙර හා පසු යන අවස්ථා ද්විත්වයෙදීම වීදි පුරා විසිරෙන්නට ඉඩ තිබූ කැලි කසල එකතුවට තරුණ කැල ලබාදුන් සහය සහයෝගයට පැමිණ සිටි සැම දෙනගේම අනගි සහයක් ලැබිණ.
ජීවිතය දන් දීමට පමණක් දෙවෙනි වන ලේ දන් දීමේ මහා පිංකමක් පසු ගිය 18 වන දින කෘෂිකර්ම පීඨ පරිශ්‍රයෙ දී පැවැත්වින. දවස පුරාවට අනවරතව මහ වැසි ඇදහැලෙද්දීත්, පැමිණි අපහසුතා නොසලකා සහභාගි වූ සැම දෙනාගේ උදාර පරිත්‍යාගයෙන් ලේ දන් දීමේ පිංකම සාර්ථකව සිදුකිරීමට හැකි විය.මේ සදහා Food science society මගින් ලැබුනු දායකත්වය ප්‍රශංසනීය විය.
සම්බුදු තෙමගුල සිරිලක සිව් දෙසම හද බැතියෙන් සමරද්දී, කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සහෝදරත්වයේ මූලිකත්වයෙන් පීඨ පරිශ්‍රයද වෙසක් සිරියෙන් අසිරිමත් විය.මේ උදාරතර ව්‍යායාමයේදී කෘෂිකර්ම පීඨ 14/15/16 වසර කණ්ඩායම් සිදුකල මෙහෙවර අනභිභවනීය විය.
කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමයේ පුරෝගාමිත්වයෙන් සිදුකල තවත් එක් මාහැඟි ප්‍රජා සත්කාරයක් පසුගිය අප්‍රේල් මස 5 වැනි දින පස්යාල සිරිසඟබෝ විශේෂ පාසලේදී අති සාර්ථක අන්දමින් සිදුකෙරිණි. සිනාසෙන්නට වෙර දරන මල් කැකුළු පෙලක් වෙත හසරුල් කැන්දූ මේ සෙනෙහෙබර මොහොත කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලයේ ශිෂ්‍ය ප්‍රජාවගේත් නොමද දායකත්වයෙන් විකසිත වූ අර්ථාන්විත අලුත් අවුරුදු ඇරඹුමක්ම වීය.
ධර්මය ඇසීම උතුම් මංගල කරුනකි.ඒ බව අප මහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෞද්ධ සහෝදර සංගමයටත් මේ උතුම් මංගල කාරනය සිදුකරගැනීමට වාසනාව ලැබුනා.එනම් කෘෂිකර්ම පීඨය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ධර්ම දේශනාමය පිංකම පෙබරවාරි 13 වන දා පූජ්‍ය උඩුදුම්බර සෝභිත හිමියන්ගෙ වැඩම වීමෙන් සිදු කෙරුනි.මේ පිංකම සාර්තක කර ගැනීමට දායක වූ සැමට තුති පුදමු.
පේරාදෙණිය විශ්ව විද්‍යාලීය,කෘෂිකර්ම පීඨයේ; මහඉලුප්පල්ලම උප විශ්ව විද්‍යාලයට සමීපව ගම්වැසි දුවා දරුවන්ගේ ගුණ නැණ වඩමින්,ඉමහත් දුෂ්කරතා මධ්‍යයේ පවත්වා ගෙන යනු ලබන මහඉලුප්පල්ලම පුරාණ රජ මහා විහාරස්ථ සරසවි දහම්පාසල වෙත අධ්‍යාපනික හා පුස්තකාල පොත්පත් හා අත්‍යාවශ්‍ය තවත් ද්‍රව්‍ය පරිත්‍යාගයක් පසුගිය සැප්තැම්බර් මස 30 වන ඉරිදා කෘෂිකර්ම පීඨ බෞද්ධ සහෝදර සංගමයේ මූලිකත්වයෙනි සිදුවිය.
ජීවිතය දන් දීමට පමණක් දෙවැනි වන; ලේ දන්දීමේ හා මරණින් මතු ඇස් හා පටක කොටස් දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ මහා පින්කමක් පසුගිය මැයි මස 24 වෙනි බ්‍රහස්පතින්දා කෘෂිකර්ම පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි. මුළු රටටම අනවරතව මහා වැසි ඇදහැලෙද්දීත්, පැමිණි අපහසුතා නොසලකා සහභාගී වූ සැමදෙනගේ උදාර පරිත්‍යාගයෙන් ජාතික ලේ බැංකුවට රුධිර පයින්ට් 135ක් හා අක්ෂිදාන සංගමය වෙත පොරොන්දු පත්‍ර 250කට අධික සංඛ්‍යාවක් දායක කිරීමට හැකි වූ අතර පිංකම සාර්ථක කර ගැනීම උදෙසා biology Guild ලබාදුන් සහයෝගය ප්‍රශංසනීය විය.
සම්බුදු තෙමගුල සිරිලක සිව් දෙසම හද බැතියෙන් සමරද්දී, කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සහෝදරත්වයේ මූලිකත්වයෙන් පීඨ පරිශ්‍රයද වෙසක් සිරියෙන් අසිරිමත් විය.මේ උදාරතර ව්‍යායාමයේදී කෘෂිකර්ම පීඨ 2015 කණ්ඩායම සිදුකල මෙහෙවර අනභිභවනීය විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ, තීන්ත ආලේප කිරීම අප්‍රේල් මස 19,20,21,22 යන සිව් දිනයන් පුරා කෘෂිකර්ම පීඨ ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය සහෝදරත්වයේත්, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහ සහිතව සාර්ථක අන්දමින් නිම කිරීමට හැකි විය. පිංකම අවසානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කප්රුක් පැලැන්දීමක්ද සිදුකෙරිණි. චන්ඩ අවු රශ්මියත්,ඇද හැලුණු මහා වැසිත් නොතකා,අරමුණ සාර්ථක කරගැනීම උදෙසා සැමදෙන සිදුකල කැපවීම ප්‍රශංසනීය විය